දේශීය පුවත්

ආනයනික කිරිපිටි වර්ගවල පෝෂණ ගුණ ගැන ‘නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය් විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ විමසීමට මාස 5ක් දක්වා පිළිතුරු ලැබී නැත.

මේ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය එම තොරතුරු නොදන්නා බව පැහදිලි වී තිබේ. ආනයනික කිරිපිටිවල ගුණාත්මකභාවය පිළිබදව තොරතුරු දැනගැනීමට, නොහැකිවීම නිසා එම ව්‍යාපාරය විසින් ඊයේ(10) තොරතුරු දැනගැනී‌මේ අයිතිවාසිකම් පිළිබඳ ‌කොමිසන් සභාව ‌‌වෙත අභියාචනයක් භාර දෙන ලදී.

නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය විසින් ආනයනික කිරිපිටිවල ගුණාත්මකභාවය පිළිබදව තොරතුරු දැනගැනීමට, පෙබරවාරි 27 දින සෞඛ්‍ය අමාත්‍යංශයට ලිපියක් භාරදෙන ලදී. ඉන්පසුව මාර්තු 22 වැනිදා ලිපියක් මගින් සෞඛ්‍ය අමාත්‍යංශය දැන්වූයේ එම ඉල්ලීම පිළිබඳව උපදෙස් ලබා ගැනීමට ‌‌තොරතුරු දැනගැනී‌මේ අයිතිවාසිකම් පිළිබඳ ‌කොමිසන් සභාව ‌‌වෙත ‌යොමුකර ඇති බවත්ය. කෙසේවෙතත් එම ලිපිය ලැබීමෙන් මාස 2ට අධික කාලයක් ගත වුවත් ප්‍රතිචාර ‌‌නොලැබුණ බැවින් මැයි 6 වැනිදා එම ව්‍යාපාරය විසින් අභියාචනයක් සෞඛ්‍ය අමාත්‍යංශය ‌වෙත ‌යොමුකරන ලදී. එයට ප්‍රතිචාර ‌‌‌ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ‌ෙයේ ‌ලේකම්වරයා විසින් ලිපියකින් දන්වා තිබුණේ ‌පෙර පරිදිම ‘උපදෙස් ලබා ගැනීමට ‌‌තොරතුරු දැනගැනී‌මේ අයිතිවාසිකම් පිළිබඳ ‌කොමිසන් සභාව ‌‌වෙත ‌යොමුකර ඇති බව’කි.

මේ ආකාරයෙන් ජනතාවගේ එදිනෙදා පරිභෝජනයට ගන්නා කිරිපිටි පිළිබද වගකීමෙන් කටයුතු කරන්නට සෞඛ්‍ය හා පෝෂණ ඇමති රාජිත සේනාරත්න හෝ ඔහුගේ කාර්ය මණ්ඩලය තටයුතු නොකරන නමුත් ඇමති ප්‍රතිරූපය ප්‍රවර්ධනයට කෝටි ගණන් මහජන මුදලින් දැවැන්ත පුවරුවල සටහන් කර ඇත්තේ පුරාජේරු පමණකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More