1505 අහම්බෙන් ගොඩ බැහැපු පරංගින් අපේ රටේ සම්පත් දැක්කා. අපේ රටේ උන්ගේ අසමගිය දැක්කා .
පරංගියා රටෙන් යනකොට අපිට කෝට්ටේ රාජධානිය බිද වැටිලා සීතාවක රයිගම සියල්ල නැතිවෙලා උඩරට විතරක් ඉතුරු වෙලා තිබ්බා.
ඉංග්‍රීසි ආවා අපේ උන්ගේ කුලල් කෑම දැක්කා.උඩරටත් යටත් කරගෙන මුළු ලංකාවට යටත් විජිතයක් කර ගත්තා.
කැප්පෙටිපොළලා පුරං අප්පුලා හගුරන්කෙත ඩිංගි රාළලා කැරළි ගැහුවා. ඉංග්‍රීසි අපේ අසමගිය මැද්දට සැකය ඇතුළු කලා. කංදේ නුවර අත ඇරලා යන්න තීන්දු කරපු සුද්දා කැරළි ගහපු උං මරලා අන්තිමට මරලා දැම්මා.
ප්‍රබාකරන් ආවා වසර පහෙන් පහට අපි යුද්ධෙට සහ සාමෙට ඉන්දෙව්වා අපි වසර 30ක් යුද්ධ කලා.
ඉදිරියේ යුද්ධ දෙකක් එකපාර කරන්න වෙනවා.
එකක් සහරාන්ලා පෙන්නපු යුද්ධය.
අනිත් එක ඇමරිකාව පෙන්නන යුද්ධය.
ඔය දෙක දියත් වෙන්නෙත් සිංහලයාගේ අසමගිය ප්‍රධාන ආයුධයට අරගෙන.
අද සිංහල එක කොටසක් සහරාන්ලා බෝම්බ ගහපු යුද්ධය ඉවරයි ඒක අමතක කරාම හරි කියන්න බලකරනවා.
ඇමරිකාව අාර්ථික කොරිඩෝවක් හදන්නේ නෑ ඒ මගින් ලංකාවට වාසියක් මිස අයහපතක් නෑ කියන්න උත්සාහ කරනවා.
ප්‍රබාකරන් පලමු වෙඩිල්ල තිබ්බේ ගිනි කූරැ හුරපු වෙඩි බෙහෙත් එකතු කරලා. ඒ වෙඩිල්ල සිංහල නායකයන් දැක්කේ යාපනේ මුරන්ඩු කොල්ලන්ගේ වැඩක් කියලා.
එදත් අද මුස්ලිම් කල්ලි සිරියාවට ගිහිං ආයුධ පුහුණුව සහ ශුද්ධ මුස්ලිම් රාජ්‍යයක පාඩම ඉගෙන ගෙන එනවා වගේ දෙමළ කල්ලි ඉන්දියාවට ගිහිං පුහුණු වෙලා එන බව ලංකාවේ වැල්වටිතුරේ තරැණයන්ට පුහුණු කදවුරැ තියන බව ඊලාම් දේශයක් ගැන කථා කරන බව උවමනාවෙන් හැංගුවා . ප්‍රතිපලය රටට උරුම වුනේ මොනවද කියලා රට දැක්කා.
1815 ඩොයිලිලත් ඉංශ්‍රීසි අධිරාජ්‍ය වාදය ලංකාව රකින හැටි බෞද්ධාගම ආරක්ෂා කරන හැටි ලංකාව යටත් කරගන්නකම් තෙල් මල් උස්සගෙන මහා විහාර වලට රිංගමින් පෙන්නුවා.
අදත් ඇමරිකානූ තානාපතිනිය ආර්ථික කොරිඩෝව හදනකල් මල් වට්ටි අරගෙන දළදාවට යන එන ජායාරූප මුණ ගැහෙනවා.
එදත් සිංහලයා යටත් කරන්න අසමගිය පාවිච්චි කලා.
අදත් ඒක පාවිච්චි වෙනවා.
කොටින්ම අපේ රටට චීත්තය දෙන එක විතරයි තියෙන්නේ.
කොළපාට එකා ඒක එජාපයේ හැඩේට කපලා මහගෙන අනිත් ඒවගේ ඇද කියනවා
නිල්පාට එකත් කපලා මහගෙන අනිත් ඒවගේ ඇද කියනවා
රතුපාට එකත් කපලා මහගෙන අනිත් ඒවගේ ඇද කියනවා.
ඒ කරලා අපට චීත්තය දුන්න එකාලා හැමදාම වගේ උගේ කාරිය කර ගන්නවා.
ආපු හැම ආක්‍රමණයක්ම අපට අහිමි කිරීම් උරුම කලා.
එන්න නියමිත ආක්‍රමණ දෙකත් එහෙමයි.
………..නුවන් මොණරවිළ ……………..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...