ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යොජනාව අද (11) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 27 කින් අද පරාජයට පත්වුණි.
යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් හිමිවූ අතර ඊට විරුද්ධව ඡන්ද 119 ක් හිමිවුණි.
ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්ද ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයයෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
ඡන්දය විමසන අවස්ථාවේදී දුමින්ද දිසානායක, එස් බී නාවින්න, විජේදාස රාජපක්ෂ, දුනේෂ් ගංකන්ද, මහින්ද සමරසිංහ, අශෝක ප්‍රියන්ත, ඩග්ලස් දේවානන්ද ශිවශක්ති ආනන්දන් සහ වී රාධාක්‍රිණ්න් යන මන්ත්‍රීවරුන් සභා ගැබ තුල සිටියේ නැත.
2015 වතමන් ආණ්ඩුව පිහිටුවීමේදී විශේෂ කාර්යභාරයක් ඉටුකළ ජ.වි.පෙ. විසින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කිරීම විශේෂ අවධානයට ලක් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...