දේශීය පුවත්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සාෆි ශියාබ්දීන් මහතා ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (11දා) නියෝග කළේය.

වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වෛද්‍යවරයා රඳවාගෙන තබා ගත්තද එම පනත යටතේ වරදක් සිදු කර ඇතැයි මේ වන තෙක් අනාවරණය වී නැති බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එසේම වෛද්‍යවරයාගේ සිසේරියන් සැත්කම්වලට භාජනය වීමෙන් අනතුරුව තවමත් දරුවෙකු පිළිසිඳ නොගත් බවට පැමිණිලි කළ මව්වරුන් 143 දෙනකු එස්එච්ජී පරීක්ෂණයට ලක් කිරීමට අවසර ලබා දෙන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වෛද්‍යවරයාට ඇප දෙනවාද නැද්ද යන්න ගැන තීන්දුව පස්වරු 5.30ට ලබා දෙන බව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළ අතර ඒ අනුව පස්වරු 5.30ට පැමිණිල්ල කැඳවූ මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති චෝදනාවල බරපතලකම සැලකිල්ලට ගෙන ඔහු 25 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කරන බව ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More