දේශීය පුවත්

රටපුරා ෆාමසි ජාලයක් හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ ඇණවුමට ව්‍යාජ ලෙස නිපදවූ ඖෂධ සහ කල් ඉකුත් වූ ඖෂධ නැවත ඇසුරුම් කිරීමේ ජාවාරමක් කැලණිය ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ වැටලීම සිදු කර ඇත.

කුඩා ළමුන්ට දෙන chlorpheniramine වර්ගයේ සිරප්, tramadol වර්ගයේ වේදනා නාශක පෙති, කාන්තාවන් සිරුර හැඩ වීමට ලබා ගන්නා ඖෂධ, කුඩා ළමුන්ට සහ ගැබිණි මව්වරුන්ට ලබා දෙන විටමින් වර්ග, memory guard, optiguard, liverguard, slimfast  ආදී ඖෂධ මෙසේ ව්‍යාජ ලෙස නිපදවා ඇත.

මෙය ඉතා පහත්  පෙලේ තුච්ඡ ජාවාරමක් බවත් මේ පිටුපස තිබු සැබෑ අරමුණ මුදල් ඉපයීම පමණක්ද ඉන් එහා ගිය අරමුණක් ද තිබුණි ද?  ව්‍යාජ ලෙස නිපද වූ ඖෂධ කරල්,පෙති, සිරප් වල සැබෑ සංයුතිය කුමක්ද? යන්න අප්‍රමාදීයව සොයා බැලිය යුතු බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

කෙසේ වෙතත් මෙම  ෆාමසි ජාලය අදත් කිසිදු වෙනසක් නොදක්වා සිය වෙළදාම් කටයුතු සිදු කරන අයුර දක්නට ලැබුණි.

– ප්‍රභාෂ්වර රත්නසුරිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More