ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනා ජනතා විමුක්ති පෙරමුණට මින් ඉදිරියට ආණ්ඩුවේ කිසිදු ක්‍රියාවකට සහයෝගය දීමට සදාචාරාත්මක අයිතියක් නොමැතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
අද (11) පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේරත්න මහතා මේ බව සඳහන් කළේය.
2015 සිදුකළ ආකාරයෙන් ඉදිරියේදී ආණ්ඩුවේ අපේක්ෂකයෙකුට අනියමින් හෝ සහය පල කිරීමට ජනතා විමුක්ති පෙරමුණට මින් ඉදිරියට නොහැකි වන බව ඔහු ප්‍රකාශ කරයි.
පසුගිය වසර හතරහමාරක කාලය තුල ආණ්ඩුව රැක ගැනීමට උර දුන් සෑම පාර්ශවයක්ම ආණ්ඩුවට එරෙහි මාවතකට ගෙන ඒමට හැකි වීම පොදු ජන පෙරමුණේ ජයග්‍රහණයක් බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

ආණ්ඩුව අපහසුතාවයන්ට පත් වූ සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට සහය වූ අතර දින පනස්දෙකේ මහින්ද රාජපක්ෂ රජය කාලය තුල ඔවුන්ගේ හැසිරීම ඊට හොඳම උදාහරණයක් බව මෙම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම මහතා පෙන්වා දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...