මේ වන විට කුරගල රජමහා විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති ඇමති රවී කරුණානායක මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
එම විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මැදිහත්වී නවතා දමා ඇති බවට මන්ත‍්‍රීවරයා චෝදනාවක්ද එල්ල කළේය.
එල්ල වූ මෙම චෝදනාව රවී කරුණානායක මහතා බැහැර නොකරන ලද අතර ගැටළුකාරී තත්වයක් ඇති බව පිළිගත් අතර වීරවංශ මහතා කියා සිටියේ අන්තිමේ ‘ කූරගලට විදුලියත් නෑ.. ඉරාජ්ගේ ලක්ෂ 11ක ෆේස්බුක් පිටුවත් න’ යනුවෙනි.
කූරගල අවට ස්ථානවලට විදුලිය ලබා දී ඇති නමුත් කූරගල පුද බිමට විදුලිය ලබා නොදීමට ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් කටයුතු කර ඇති බවට විරෝධය පාමින් පසුගියදා ඉරාජ් වීරරත්න මහතා මහා සංඝරත්නයේ ද සහභාගිත්වයෙන් විරෝධය පළ කර තිබුණි.
''අන්තිමේදී කූරගල පුරාණ රජ මහා විහාරයට විදුලියත් නැහැ – ඉරාජ් වීරරත්නට ලක්ෂ 11ක FB පිටුවත් නැහැ. මේ පිටුපස ඉන්නේ ඇමති සජිත්ද?- ඇමති රවී කරුනානායකගෙන් විමල් කළ අපූරු විමසුම2019-07-11
Gepostet von Wimal weerawansa am Mittwoch, 10. Juli 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...