දේශීය පුවත්

වෑන් රථයක් තුළ  අභිරහස් ලෙස  මිය ගිය අයෙකුගේ සිරුරක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

මෙසේ අභිරහස් ලෙස මිය ගොස් ඇත්තේ නාවලපිටිය රඹුක්පිටිය ප්‍රදේශයේ පදිංචි එස්.එම්.ආර් අසංක බණ්ඩාර සමරතුංග නැමති 36 හැවිරිදි අවිවාහක අයෙකි.

රියදුරුවරයෙකු වශයෙන් සේවය කළ  මරණකරුගේ මිත්‍රයෙකු ඊයේ  (10)  දින පස්වරු 6 ට පමණ  මරණකරුගේ  නිවස වෙත වැන් රථය පැදවාගෙන විත් තම මිත්‍රයා වෙරි වි  වෑන් රථයේ පසු පස අසුනේ නිදා සිටි බවත්, වෙරි හිදිමෙන් පසු ඔහුට නැගිට නිවසට පැමිණෙන බව මරණකරුගේ පියා වෙත දන්වා වෑන් රථයේ යතුර මරණකරුගේ පියා වෙත භාර දි මිත්‍රයා නිවසින් බැහැරව ගොස් ඇත.

වෑන් රථයේ නිදා සිටි තම පුතා පැය කිහිපයක් ගතවුවත් නිවසට නොපැමිණි නිසා එ පිළිබඳව සැක සිතු මරණකරුගේ පියා ඒ පිළිබඳව 1990 ගිලන් රථයට දැනුම් දිමෙන් පසු ගිලන් රථයේ කාර්යය මණ්ඩලය එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරිමෙන් අනතුරුව අසංක බණ්ඩාර නැමති අය මිය ගොස් ඇති බව පියා වෙත දැනුම් දි ඇත.

මරණකරු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස අබ්බැහි වුවෙකු බවයි නාවලපිටිය පොලීසිය  පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පරික්ෂණ ආරම්භ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More