දේශීය පුවත්

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් දිනන්න පුළුවන් දෙදෙනෙකු ඉදිරිපත් කරන අතර එයින් විශිෂ්ඨ කාර්යක් කරූ ජයසූරිය මහතා විසින් සිදුකරන බව අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (10) පෙරවරුවේ සුගතදාස ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබු, 46 වන සුගතදාස ගුණානුස්මරණ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහ්ස දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා මේ බව පැවසීය.

“එදා ඉතිහාසයේ වැඩකටයුතු සිදුවූ ආකාරයෙන්ම අදත් වැඩකටයුතු සිදු වෙනවා. එදා උතුරු කෙළඹින් ආණ්ඩු හැදුණා. අදත් උතුරු කොළඹින් ආණ්ඩුවක් හැදීමට කටයුතු කෙරෙනවා. එදා ඒ සිදුකෙරුණ වැඩ බලාගෙන ඉන්න බැරිව විපක්ෂයෙන් චරිත ඝාතන සිදු කරනවා. අදත් ඒ ආකාරයෙන්ම අපි ඉටු කරන සේවය බලාගෙන ඉන්න බැරිව ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විසින් අපේ චරිතය ඝාතනය කරනවා. එදා විරුද්ධ කණ්ඩායම් සමාව ඉල්ලනවා. අද එක වතාවක් නොවෙයි, දසවතාවක් සමාව අයැදිනවා. එදා ගෙවල් හදනවා, සමාජ සේවා ඇති කරනවා. සුගතදාස මැතිතුමා ඇතිකළ අඩිතාලම මතින් අද මටත් ඒ ආකාරයෙන් කටයුතු කරන්න හැකිවෙලා තිබෙනවා. තව සුලු කාලයකින් ජනාධිපතිවරණයක් තිබෙනවා. එහිදී රනිල් වික්‍රමසිංහ සහ කරූ ජයසූරිය යන මහත්වරුන් විශිෂ්ට කාර්යයක් ඉටු කරනවා. අපි හරි වෙලාවට, නියම ආකාරයට දිනන්න පුළුවන් නිවැරදි කෙනෙක් ඉදිරිපත් කරනවා. එදා 2018 ඔක්තේබර් 22 දා කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා සමග සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්ත නිසා තමයි, අද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා තිබෙන්නේ. එදා කරූ ජයසූරිය මැතිතුමා නිර්භීත තීන්දුවක් නොගත්තානම්, අද වෙනත් ආණ්ඩුවක් විසින් ප්‍රජාතන්ත්‍රය යටපත් කරලා, 2015 පෙර තිබූ තත්ත්වයට ගමන් කරලා කටයුතු කිරීමක් තමයි සිදු වෙන්නේ. එදා ඒ සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාව තුළින් රටේ සෑම ස්ථානයකම, සැම පක්ෂයකම සියලු ජාතීන් ආගම් එකතුවෙලා අළුත් දර්ශනයක් තුළින් ඉදිරියට ගෙන යාහැකි නව උපතක් ලබාදුන්නා ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More