දේශීය පුවත්

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ෂාෆි සහාබ්දීන් වෛද්‍යවරයා කිසිදු අනුමැතියකින් තොරව එල්ආර්ටී සැත්කම් සිදු කළ බවට මවුවරුන් හය දෙනකුගේ දිවුරුම් ප‍්‍රකාශ සහිත පැමිණිල්ලක් සිවිල් ජාතික සංවිධාන කිහිපයක් විසින් ඊයේ (10 වැනිදා) වෛද්‍ය සභාවට ඉදිරිපත් කරනු ලැබීය. වෛද්‍යවරයා විසින් කිසිදු අවසරයකින් තොරව එල්ආර්ටී සැත්කම් කළ බවට මවුවරුන් 11 දෙනකු පැමිණිලි කර තිබෙන අතර, ඉන් හය දෙනකුගේ දිවුරුම් ප‍්‍රකාශ සහිත පැමිණිල්ලක් මෙසේ වෛද්‍ය සභාවට ඉදිරිපත් කර තිබේ.

සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, නීතිඥ ජාතික සංවිධාන එකමුතුව සහ වෘත්තීයවේදීන් පිරිසක් විසින් අදාළ පැමිණිල්ල වෛද්‍ය සභාවට ඉදිරිපත් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානයේ කැඳවුම්කරු – පාහියංගල ආනන්ද සාගර හිමි,

ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් රටේ විවිධ මත පළවෙමින් තිබෙනවා. ඔහු විසින් සිදුකළ සැකසහිත සිසේරියන් සැත්කම් පිළිබඳවයි වෛද්‍ය සභාවට මේ ආකාරයෙන් පැමිණිලි කළේ. මවුවරුන් 11 දෙනෙක් ලිඛිතව අපට පැමිණිලි කළා වෛද්‍යවරයා කිසිදු අනුමැතියකින් තොරව එල්ආර්ටී සැත්කම් සිදුකළ බවට. අද මවුවරුන් හය දෙනකුගේ ලිඛිත සාක්‍ෂි වෛද්‍ය සභාවට ඉදිරිපත් කළා. මවුවරුන්ගේ හෝ පියවරුන්ගේ අනුමැතියකින් තොරවයි ෂාෆි වෛද්‍යවරයා හිතුමතේ එල්ආර්ටී සැත්කම් සිදුකර තිබෙන්නේ. මේ ගැන වහාම විධිමත් පරීක්‍ෂණයක් කරන ලෙසට වෛද්‍ය සභාවෙන් ඉල්ලීමක් කළා. ඔහුගේ වෘත්තීයභාවය ගැන අපි අභියෝගයට ලක් කරනවා.

විශේෂයෙන්ම යම් විදිහකින් වෛද්‍යවරයා උසාවියෙන් ඇප ලබාගෙන යළිත් වෘත්තියේ යෙදෙන්නේ නම් මේ තත්ත්වය භයානක වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ සැම දෙනාට සාධාරණයක් ඉටුවන පරීක්‍ෂණයක් සිදුවෙයි කියලා. සාධාරණ පරීක්‍ෂණයක් වුවහොත් පමණයි වරදකරුවන්ට දඬුවම් ලබාදෙන්න පුළුවන්. එසේ නොවුවහොත් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් භයානකයි. මේවා ගැන සොයා බැලීම රජයේ වගකීමක්. සිවිල් සංවිධාන වශයෙන් අපට කළ හැකි උපරිම දේ අපි කරනවා. රජය මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතුයි. මේ කාර්යය අපි කරන්නේ දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් නොව ජාතික ප‍්‍රශ්නයක් ගැන හිතලයි. ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුවත් අපගේ මේ ක‍්‍රියාදාමය නතර කරන්නේ නැහැ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More