ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානය විරුද්ධ වන්නේද එසේත් නැතිනම් පක්‍ෂපාතීත්වය දක්වන්නේද යන්න පිළිබඳව පෙරේදා (9දා) පාර්ලිමේන්තුව තුළ පැවැති සාකච්ඡාවේදී ස්ථිර තීරණයකට නොපැමිණි බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. ශ‍්‍රීධරන් මහතා පැවසීය.
දෙමළ ජාතික සන්ධානය මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා විශේෂ සාකච්ඡුාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අතර එහිදී ගන්නා ලද තීරණ මොනවා දැයි විමසු අවස්ථාවේදී ශී‍්‍රධරන් මන්ත‍්‍රීවරයා එසේ කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් එම විශ්වාසභංග යෝජනාව 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආකාරය දෙස බලා ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානය කථිකා කරගත් බවද ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...