විනය ගරුක රටක් බිහිකර, ජාතික ආරක්ෂාව තහවුරු කළහැකි, සියලූ ජාතීන්ට ආරක්ෂාව සැපයීය හැකි නායකයෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ අද (10) බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති රැස්වීමක් අමතමිනි.
ඉදිරි ජනාධිපති වරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ අපේක්ෂකයා නම් කිරීමේ බලය තමන්ට දී ඇතැයි ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදි පැවසීය.
පාර්ලිමේන්තුව හා පළාත් සභාව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
රටේ විනය පිරිහී ඇති මේ අවස්ථාවේ විනය ගරුක රටක් බිහි කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කළහැකි, සියලූ ජාතීන්ට ආරක්ෂාව සැපයීය හැකි නායකයෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවද ඒ මහතා අවධාරණය කළේය.
පටු දේශපාලන අරමුණු මුල්කර මගනිමින් ආණ්ඩුව කරන සෑම කටයුත්තකින්ම පීඩාවට පත් වන්නේ ජනතාව යැයිද මෙහිදී පෙන්වාදුන් විපක්ෂ නායකවරයා ආණ්ඩුව සිතා මතාම ජාතික ආගමික වශයෙන් බෙදීමක් ඇති කිරීම සඳහා පියවර ගනිමින් තිබෙන බවද කීවේය.
ජනාධිපතිවරණය අතළඟ තිබෙන අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු කිරීම පිටුපස යටි අරමුණක් ඇතැයි සැක සිතන බවද සඳහන් කළ විපක්ෂ නයකවරයා, ආණ්ඩුවේ යටි අරමුණු පරාජය කරමින් පවත්වන ඕනෑම මැතිවරණයකින් ජය ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇතැයිද සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...