පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනා තොරතුරු දැන සිටි බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ප්‍රතික්ෂේප කරයි.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ පිපිරීමක් සිදු නොවීම පිළිබඳ තමාටද ගැටළුක් පවතින බවත් එය ජනතාවටද ගැටළුවක් බව නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.
පසුගිය පාස්කු දින ප්‍රහාරයෙදී ලංකාවේ හෝටල් දෙකක බෝම්බ පිපිරීමටත් තවත් හෝටලයක් තුළ බෝම්බ පිපිරීමක් සිදු නොවීමටත් හේතුව පාර්ලිමෙන්තු කාරක සභාව විසින් සොයා බැලිය යුතු බව ඒ මහාත සඳහන් කරයි.
පසුගියදා ටි.වි.දෙරණ ඔස්සේ විකාශය වු 360 කාලීන සජීවි සංවාදයේදී මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධව මන්ත්‍රීවරයාගෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද දින ප්‍රශ්න කරයි.
දයාසිරි විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි
දයාසිරි විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි
Gepostet von Ada Derana Sinhala am Mittwoch, 10. Juli 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...