දේශීය පුවත්

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් 1500ක් පමණ ඉවත් කර ඇතැයි ඉරාජ් විරරත්න මහතා පවසයි.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“අද සමාජ මාධ්‍ය කොච්චර බලවත්ද කියලා දන්නවා. අද වෙන විට ලංකාවේ ෆේස්බුක් පේජ් 1500ක් ගලවා තිබෙනවා. දැන් ගොඩක් අයට හඬ නගන්න විදිහක් නෑ. මගේ ෆේස්බුක් පිටුවේ ලක්ෂ 11 ක් හිටියා. අපි ෆේස්බුක් ගොඩක් හොඳ දේවල්වලට භාවිත කළා.අපිත් එක්ක ලොකු පිරිසක් එකතු වුණා. මේක මර්දනය කරන්නද අපේ පිටු ගැලෙව්වේ. මම එක්තරා කට්ටියක් සැක කරනවා. මගේ පිටුව සිකුරාදා ඉවත් කළා. ඒක හෙට ඔබට වෙන්න පුළුවන්. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේක වෙන්නත් පුළුවන්. මම ජාතිවාදයට සම්බන්ධ නෑ. නමුත් අපට අයිති දේවල් ගැන කථා කළා. කූරගල ගැන කථා කළා. දැන් ඥානසාර හිමියන්ගේ ඡායාරූපයක්වත් ෆේස්බුක් එකේ දාන්න බෑ. කවුද මේවා ලෝකෙට අරගෙන යන්නේ. කවුද මේවා පසුපස ඉන්නේ. ෆේස්බුක්වල වැඩකරන ශ්‍රී ලාංකියන්ගේ පිරිසක් ඉන්නවා. මේ වැඩ කරන අයගේ ගිණුම් බැලුවාම ඒ අයගේ ගිණුම් තුළ එක්සත් ජාතික පක්ෂයේ පෝස්ට් තිබෙනවා. 2017දී දාලා තිබෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්. කවුද මේවා පාලනය කරන්නේ. අද වෙනකොට අබ්දුල් රාශික්ගේ පොටෝ දාන්න පුළුවන්. තහනම් කර තිබෙනවද? මේක සංවිධාතාත්මක කරන වැඩක්. දැන් මේ අය මැතිවරණයට ලෑස්ති වෙනවා. මේ අය ගොඩක් බලන්නේ අලුත් ඡන්ද.”

ආණ්ඩුවේ සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව ''ඉරාජ් විරරත්න" කැදවූ විශේෂ මාධ්‍ය හමුව (සජීව විකාශය)

Gepostet von Lanka Lead News am Dienstag, 9. Juli 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More