දේශීය පුවත්

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (09) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ සහ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා අතර උණුසුම් කතාබහක් ඇතිවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අතුරලියේ රතන හිමි විසින් ආරම්භ කළ මාරාන්තික උපවාසය හේතුවෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව විපක්‍ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව යටපත් කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වූ බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබේ.

ඉන් ප‍්‍රයෝජන ගත් ආණ්ඩුව විශ්වාසභංගය මඟ හැර ගිය බවත්, රිෂාඞ් බදියුදීන් මන්ත‍්‍රීවරයා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තම නිවරදි බව ඔප්පු කිරීමට උත්සාහගත් බවත් ආනන්ද අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා පවසා ඇත.

ඒ අවස්ථාවේ පැවැති තත්ත්වය අනුව සිදු කළ යුතු සුදුසුම ක‍්‍රියාව තමන් කළ බවත් එය හොඳ හිතින් කළ දෙයක් බවත් අතුරලියේ රතන හිමියෝ එහිදී පවසා තිබේ.

එහෙත් මාරාන්තික උපාවාසය හේතුවෙන් ආණ්ඩුව පරාජය කිරීමට තිබූ අවස්ථාව මඟ හැරුණ බව අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා නැවතත් ප‍්‍රකාශ කර ඇත. ඊට අමතරව අනෙක් මන්ත‍්‍රීවරුන්ද උපවාසයට එරෙහිව අදහස් දැක්වූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දිගින් දිගටම ඇදී යන මෙම වාදය නතර කිරීමට විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාටද මැදිහත්වීමට සිදුව ඇත.

පසුගිය දේවල් කතා කිරීමෙන් තේරුමක් නැති බවත්, ඉදිරියේදී කළ යුතු දේවල් පිළිබඳව සාකච්ඡා කළ යුතු බවත් විපක්‍ෂනායකවරයා පවසා තිබේ.

ඒ සමඟම අතුරලියේ රතන හිමියෝ රැස්වීම් ශාලාවෙන් පිටතට වැඩම කර ඇති අතර එසේ නොකරන ලෙසට විපක්‍ෂනායකවරයා උන්වහන්සේගෙන් ඉල්ලීමක්ද කර ඇත.

එහෙත් උන්වහන්සේ ඒ පිළිබඳව තැකීමක් නොකර මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමෙන් ඉවත්ව ගිය බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More