දේශීය පුවත්

රටේ පවතින ප්‍රජාතාන්ත්‍රීය නීති රීති වලට ගරු කරමින් දේශපාලන විසදුමක් ඔස්සේ ගමන් කොට උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ ජනතාව වෙණුවෙන් දෙමළ රාජධානියක් අනාගතයේදී බිහිවීම කිසිවෙකුටවත් වැළැක්විය නොහැකි බව ටෙලෝ සංවිධානය විසින් 9 දා නිකුත් කොට ඇති නිවේදනයක සදහන් වෙයි.

ටෙලෝ සංවිධානය විසින් මෙම නිවේදනය නිකුත් කොට ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් මහනුවරදී  මේරටේ දෙමළ ජනතාවට කිසිම අයිතියක් නොමැති බවට හා දෙමළ ජාතිය පහත් කොට කතා කිරීමට එරෙහිව බවද ටෙලෝ සංවිධානය කියා සිටියි.

මේ රටේ සිංහල ජනතාව සමග සහයෝගයෙන් වෙසෙන දෙමළ ජනතාවට සුළු ජාතිය වශයෙන් විශාල අයිතියක් ඇති බව පෙන්වා දෙන ටෙලෝ සංවිධානය 1956 හා 58 වර්ෂවල සිට දෙමළ ජාතීන් විවිධ අරගල ඇති කර ගනු ලැබුවේ  ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට බවද සදහන් කොට තිබේ.

එම  අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය සාර්ථක නොවූ තැන ආරම්භ වූ යුද්ධය වසර තිහක් තිස්සේ පැවති බව පෙන්වා දෙන ටෙලෝ සංවිධානය යළිත් දෙමළ ජනතාව මේ රට තුළ ආයුධ සන්නද්ධ යුද්ධයක් කරා අවතීර්ණ නොවූවත් අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන අත්නොහරින බවද සදහන් කොට තිබේ.

ඥාණසාර හිමියන්ට සිංහල බෞද්ධයින් වෙණුවෙන් පෙනී සිටීමට ඇති අයිතිය දෙමළ නායකයින්ට ඔවුන්ගේ ජාතිය වෙණුවෙන් පෙනී සිටීම සදහා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කොට ඇත.

(දිනසේන රතුගමගේ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More