බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් කඩිනමින් යම් පියවරක් ගත යුතු බව මුස්ලිම් මැති ඇමැතිවතිවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.
ඒ මුස්ලිම් මැති ඇමතිවරුන් හා ජනාධිපතිවරයා අතර පෙරේදා(8) ජනපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය.
මුස්ලිම් ඇමතිවරු ජනාධිපතිවරයා වෙත අවධාරණය කර ඇත්තේ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ඥානසාර හිමි නිදහස් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් බවත් නමුත් වර්තමානයේ උන්වහන්සේ මුස්ලිම් ජනතාව සහ ජමියතුල් උලමා සංවිධානය පීඩාවට පත්වන ආකාරයට කටයුතු කරමින් සිටින බවය.
මේ සාකච්ඡාවට ශ්‍රී ලංකා මුස්ලිම් කොටසේ නායක රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...