දේශීය පුවත්

බස්නාහිර පළාතේ සමූපකාර අධ්‍යක්ෂක මණ්ඩලය නිළවරණයත් ආණ්ඩුව විසින් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

බස්නාහිර පළාතේ පලාත් ආණ්ඩුකාර මුසාමිල් මහතා මෙම නිළවරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුවය.

සමූපකාර අධ්‍යක්ෂක මණ්ඩල නිළ කාලය අවසන් වීමෙන් පසුව ඊට අදාල ඡන්ද විමසීම සදහා ආණ්ඩුකාරවරයා දින නියම කර සමූපකාර කොමසාරිස්වරයා හරහා ප්‍රකාශයටද පත් කර තිබේ. එහෙත් හදිසියේම එම ඡන්ද විමසීම අවලංගු කෙරිණි. අධ්‍යක්ෂක මණ්ඩල නිළවරණය පැවැත්වූවොත් තම පකෂය පරාජයට පත්වන බව ලසන්ත අලගියවන්න හිටපු නියෝජ්‍ය ඇමතිවරයා ජනාධිපතිවරයාට පෙන්වාදීමෙන් පසු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් ලබා දී ඇතැයි පැවසේ.

සමූපකාර අධ්‍යක්ෂක මණ්ඩල ඡන්දය දින නියමයක් නොමැතිව කල් දැමීමෙන් පසුව අදාල සමූපකාර සමිති වල සභාපතිධූර සදහා ශ්‍රීලනිප ආසන සංවිධායකවරු පත් කිරීමට සැලසුම්කර ඇති බවද වාර්තා වේ.

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස ගම්පහ ශ්‍රීලනිප සංවිධායක අජිත් මානප්පෙරුම මහතා පසුගිය දා පත් කෙරුවේද ජනාධිපතිවරයාගේ මැදිහත්වීම යටතේය. ඔහු විවිධ චෝදනා වලට ලක්වූ අයෙකි.

එමෙන්ම බස්නාහිර පළාත් මාර්ගස්ථ මාර්ග ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ කටාන ශ්‍රීලනිපෙ සංවිධායක ලලිත් වනිගරත් මහතාගේ පුත් නුවන් වනිගරත්නය. ඔහු මීට පෙරද මෙම තනතුර දරා ඇති අතර එම තනතුර දරණ කාලයේ කප්පම් ගැනීම සම්බන්ධයෙන් බස් හිමියන්ගේ චෝදනාවලටද ලක් වූවෙකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More