දේශීය පුවත්

සිංහල බෞද්ධ ඡන්දවලින් ජනපති කෙනෙකු පත්කරන සිහිනය බිඳ දැමිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි විසින් කරන ලද ප්‍රකාශය පුස්සක් බව ජාතික සංවිධාන පවසයි.

එම ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින්  වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ සිංහල බෞද්ධ ඡන්දවලින් ජනපති පත්කරන බවට කිසිදු පක්ෂයක් හෝ සංවිධානයක්යක් විසින් ප්‍රකාශ කොට නැතත් 74%ක් වන සිංහල ජනතාවගෙන් 70%ක් යම් අපේක්ෂකයෙකුට ඡන්ද ප්‍රකාශ කරන්නේ නම් සුළු ජාතික ඡන්ද එකක් හෝ නැතිව ජයග්‍රහණය කළ හැකි බව ය.

නමුත් අමීර් අලීලාගේ මුස්ලිම් ජාතිවාදී පක්ෂ විසින් ඉතිහාසයේ ලබාගෙන ඇති මුස්ලිම් ඡන්ද දෙස බලන විට මෙරට සිංහල බෞද්ධයන් ගේ සිහින බිඳ දැමීමට තරම් බලයක් නොමැති බව ඔප්පු වන බව ද වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

කෙසේ වෙතත් අමීර් අලීලා එවැනි  ජාතිවාදී ව්‍යාජ තර්ජන එල්ල කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාට මානසික බාධක පැනවීමට බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව පාලි පාර්ලිමේන්තු මැති මැතිවරණයේදී
01. 1989දී SLMC පක්ෂය නැගෙනහිර පළාතේද දී ලබාගෙන ඇත්තේ මුස්ලිම් ඡන්ද වලින් 32% කි ‘

02. 1994දී පාර්ලිමේන්තු මැතිවරණයේදී SLMC පක්ෂය සමස්ත මුස්ලිම් ඡන්දවලින් ලබා ගන්නේ 50%ක් පමණි.

03. 2012 ය පළාත් සභා මැතිවරණ දී එම පක්ෂය නැගෙනහිර පළාතේ ලබාගන්නේ මුස්ලිම් ඡන්ද වලින් 37%කි.

04. 2014 දී මුස්ලිම් සන්ධානයක් බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් වී එම සන්ධානය ලබාගන්නා මුස්ලිම් ඡන්දවලින් 17%කි. ඌව පළාතේදී එම ප්‍රතිශතය 12% කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More