දේශීය පුවත්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත අධ්‍යනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාගේ එකඟතාව මත දෙපාර්ශ්වය අතර පැවැත්වෙන ඉදිරි සාකච්ඡුාවට ඉදිරිපත් කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසයි.

එම කෙටුම්පත මගින් ඔවුන් ඉදිරිපත් කර ඇති බලතල, නායකත්වය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නායකත්වයෙන් මේ වන විට සාකච්ඡුා වට දෙකක් පැවැත්වූ බවද, එහි අවසන් වාර්තාව ඊයේ එම කමිටුව විසින් භාරදීමට නියමිතව තිබූ බවද මහලේකම්වරයා ඊයේ (9දා* ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි සාකච්ඡා තීරණය කරනු ලබන්නේ සංශෝධන සහිතව ඉදිරිපත් කර ඇති එම කමිටු වාර්තාව පිළිබඳව පක්ෂයේ අවසන් එකඟතාව මත බවද මහලේකම්වරයා සඳහන් කළේය. එම කෙටුම්පත සඳහා ජනාධිපතිවරයාගේ ද කැමැත්ත පරිදි පක්ෂයේ මතය ඉදිරිපත් කරන බව කී මහ ලේකම්වරයා ඒ අනුව ඉදිරි සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි ද කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More