දේශීය පුවත්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් මෙම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කිරීමට නියමිත අතර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලීමක් සිදුකිරීමට නියමිත බව සඳහන්.

නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුව අත්අඩංගුවට ගනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පත්කරනු ලැබූ විශේෂ විමර්ශන කොමිසමේ නිර්දේශයන්ට අනුවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More