දේශීය පුවත්

පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැසට් කරනු ලැබ ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එම අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය නොලැබුණු බවත්, ජනාධිපතිවරයා විසින් එයට සංශෝධන ගණනාවක් ඉදිරිපත් කළත් එම සංශෝධන හෝ ඇතුළත් නොකර ගැසට් කර තිබෙන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

රජය විසින් අත්සන් කිරීමට නියමිතව ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අනුව ඇමෙරිකාවට හා බහුජාතික සමාගම්වලට මෙරට ඉඩම් පැවරීමේ හැකියාව ලැබෙන අයුරින් මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙන බව ද දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සියලූ දෙනාටම ඉඩම් අයිතිය ලබාදීමට බව කියමින් ජනතාව මුලා කර මෙම ඉඩම් පනත ගෙන ඒමට රජයේ උත්සාහ ගන්නා බව කී ජයසේකර මහතා සියලු ජනතාවට ඉඩම් දීමට නම් දැනට තිබෙන පනතෙහි සුළු සංශෝධන ප‍්‍රමාණයක් සිදුකිරීම ප‍්‍රමාණවත් බවද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More