දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේ පිහිටි බුදු පිලිමය 08 දින මධ්‍යම රාත්‍රීයට පෙර ඉවත් නියෝගයක් ලැබී අතැයි පවසමින් භික්ෂුන් වහන්සේලා ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පිරිසක් 08 දින සවස 7 පමණ සිට එම ස්ථානයේ විරෝධතාවයක නිරත විය. මේ හේතුව නිසා එම ස්ථානයේ යම් උණුසුම් තත්වයක් ද ඇති විය.
අක්මීමණ ප්‍රා දේශීය සභාවේ සභාපති සේන කලහෙවත්ත මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හා ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන විහාරාධිපතිවරුන් ඇතුළු ස්වාමීන් වහන්සේලා 40 ක පමණ පිරිසක් මෙම ස්ථානයට පැමිණ තිබිණි. මෙහි දී අදහස් දැක් වු විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස් පවසා සිටියේ මාර්ග සංවර්ධන විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ උපදෙස් මත මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහල නිළධාරීන් අදාල බුදුපිලිමය 08 දින රාත්‍රී 12 ට පෙර ඉවත් කරන ලෙස දැනුම් දුන් බවත්. එවැන්නක් සිදු කරන්නේ නම් තමන් දිවිහිමියෙන් ඒ සදහා කැපවෙමින් මෙය ආරක්ෂා කරන බවයි.
පසුව විහාරාධිපති හිමිවරුන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නායක්කාර මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විරෝධතාකරුවන්ට සම්බන්ධ කරන ලද අතර එහි දී මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට සහ විරෝධතාවයේ යෙදී සිටි ස්වාමීන්වහන්සේලා ඇතුළු පිරිසට කියා සිටියේ කිසිසේත්ම බුදු පිලිමය එම ස්ථානයෙන් ඉවත් නොකරන බවයි.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ද එම ස්ථානයට පැමිණ කියා සිටියේ බුදු පිලිමය ඉවත් නොකරන බවයි. ඒ අනුව විරෝධතාවය අවසන් වු අතර විරෝධතා කරුවන් බුදු පිලිමය යට කැට ගල් ද ඇල්ලීම එම අවස්ථාවේ දීම කරනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...