දේශීය පුවත්

2019 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව අසාර්ථක වුවද තම ජාතික පුහුණුකාරීත්වයෙන් ඉවත් වීමේ කිසිදු අදහසක් නොමැති බව චන්දික හතුරුසිංහ මහතා පවසයි.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලැබීමෙන් පසු ඊයේ (08) ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය අමතමින් හතුරුසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

තමන්ගේ කොන්ත්‍රාත් කාලය තවත් මාස 16 ක් සඳහා බලපැවැත්වෙන බවත් ඒ අනුව හදිසියේ තනතුරෙන් ඉවත් වීමේ බලාපොරොත්තුවක් නොමැති බවත් ඔහු පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී දස්කම් අතරට පැමිණෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වුවද එය සිදු නොවූ බවයි හතුරුසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ලැබූ අසාර්ථකත්වයේ වගකීම ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන් ඇතුළු සියලු දෙනා භාරගත යුතු බවත්, තිබෙන අඩුපාඩු මගහරවා ගනිමින්, ලෝක කුසලාන තරගාවලියේ පාඩම් ඉගෙන ගනිමින් අනාගතය සාර්ථක කරගත යුතු බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් පසුගිය දිනවලදී මාධ්‍ය වාර්තා කළේ කණ්ඩායම ලද අසාර්ථකත්වය හේතුවෙන් කණ්ඩායම් කළමණාකාරීත්වය තුළ හා පුහුණුකාරීත්වය තුළ වෙනස්කම් සිදුවිය හැකි බවයි.

UN



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More