ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාව තුළ බෙදාහරිනු ලබන ඔක්ටේන් 92 පෙට්‍රල්වල නියැදි පරීක්ෂා කිරීමේ දී ඒවා අදාළ ප්‍රමිතියට අනුව නොමැති බව හෙළි වී ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. මේ සම්බන්ධයෙන් කරන ලද රසායනාගාර පරීක්ෂණයක දී ඔක්ටේන් 92 මට්ටමේ තිබිය යුතු පෙට්‍රල්වල සැබැවින්ම ඇත්තේ ඔක්ටේන් 90.5 ක මට්ටමක් බව තහවුරු වී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය වැඩිදුරටත් කියා සිටී. මෙම තත්ත්වය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කර ඇති බව පවසන එම සංවිධානය විසින් මධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වේ.

ලංකාව පුරා බෙදාහරිනු ලබන ඔක්ටේන් 92 පෙට්රල්වල නියදි පරීක්ෂා කිරීමේදී එම නියදි අදාල ප්‍රමිතියට නොමැති බව අප සංවිධානය විසින් කරන ලද සොයා බැලීමකදී වාර්තා වී ඇත.

2019 පෙබරවාරි මස අප සංවිධානය විසින් ලංකා IOC සමාගම විසින් පාරිභෝගිකයින්ට අලෙවි කරනු ලබන පෙට්රල් තත්වයෙන් බාලබවට පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව පාරිභෝගික අධිකාරිය විසින් IOC සමාගම විසින් අලෙවි කරනු ලබන පෙට්රල් වර්ග කිහිපයක නියදි ලංක‌ා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ පිරිපහදුවේ පිහිටා ඇති රසායනාගාරය වෙත ලබා දී ඇති ඇති අතර 2019/03/23 දින එම නියදි පරීක්ෂා කර ඇත.

අප සංවිධානයට දැන ගැනීමට ඇති ආකාරයට එම වාර්තාවන්ට අනුව 92 ඔක්ටේන් වල ඔක්ටේන් ප්‍රතිශතය 90.5% කි. මෙම නියදි ලබා ගෙන ඇත්තේ IOC ඉන්ධන පිරවුම්හලකින් වුවුද එම පිරවුම්හලට ඉන්ධන ලබා දී ඇත්තේ ලංකා ඛණිජතෙල් සංස්ථාවේ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් විසිනි. IOC සමාගමේ ඉන්ධන ගබඩා තිකුණාමලයේ පිහිටුවා ඇති නිසා කොළඔ පිහිටි IOC ඉන්ධන පිරවුම්හල් සදහා ඉන්ධන බෙදාහරිනු ලබන්නේ ඛණිජතෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථාන තුළිනි.ඒ වෙනුවට තිකුණාමලය ආශීත ප්‍රදේශ සදහා IOC සමාගම විසින් ලංකා ඛණිජතෙල් සංස්ථාවේ ඉන්ධන හල් සදහා ඉන්ධන බෙදා හැරීම සිදු කරනු ලබයි.

තත්වයෙන් බාල නිසා මීට පෙර ඛණිජතෙල් සංස්ථාව වීසින් 90 ඔක්ටේන් පෙට්රල් අලෙවිය නවතා දමා 92 ඔක්ටේන් පෙට්රල් වෙළදපොළට හදුන්වා දෙන ලදී. එහෙත් පාරිභෝගිකයින් නොමග යවමින් මේ වන විටත් 92 ඔක්ටේන් පෙට්රල් ලෙස පාරිභෝගිකයා මිලදී ගනු ලබන්නේ 90 ඔක්ටේන් පෙට්රල්ය.

සමාගම් විසින් පාරිභෝගිකයින් මෙසේ අන්දවද්දී පාලකයින් මරණ දඩුවම පිළිබදව හා 2020 ජනාධිපති අපේක්ෂකයා පිළිබදව අදහස් පළ කරමින් සිටී.

පාරිභෝගික අධිකාරිය භාර ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේ බුද්ධික පතිරණ ඇමතිවරයාය. එම ඇමතිවරයාගෙන් අප සංවිධානය ප්‍රශ්ණ කරන්නේ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පෙට්රල් හා ඩීසල් අලෙවි කරන මිලට වඩා වැඩි මිලකට IOC සමාගමට පෙට්රල් හා ඩීසල් අලෙවි කිරීමට ඉඩ දෙන්නේ ඇයිද? යන්න හා මෙසේ රටපුරා බාල පෙට්රල් අලෙවි කිරීමට ඉඩ දෙන්නේ ඇයිද? යන්නයි.

කිරිපිටි සටන මෙන්ම ඉන්ධන සටනද තම කරමත තබා ගන්නා ලෙස අප බුද්ධික පතිරණ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි

මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More