ඒකාබද්ධ විපක්ෂය සමග සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ එකතු කර නව දේශපාලන සන්ධානයක් පිහිටුවන ලෙස කර ඇති ඉල්ලීම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (09) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ එකතු කර නව දේශපාලන සන්ධානයක් පිහිටුවන්නැයි ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යන දේශපාලන පක්ෂ විපක්ෂ නායකවරයා වෙත ලිපියක් බාර දෙමින් ඉල්ලා තිබිණි.
වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, අසංක නවරත්න සහ ඩී. කලංසූරිය යන මහත්වරුන්ගේ අත්සනින් මෙම ලිපිය බාර දී ඇති බව වාර්තා විය. මේ අතර ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊ.පී.ඩී.පී. සංවිධානය, ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය ඇතුළු තවත් පක්ෂ කිහිපයක්ද නව සන්ධානය සමඟ එකතුවී කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව දැනගන්නට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...