දේශීය පුවත්

සිංහල ජාතිය වැනසී යෑමට පෙර සිංහල පාර්ලිමේන්තුවක් ඇති කිරීම අපගේ එකම අපේක්ෂාව බව බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

මහනුවර බෝගම්බරදී ඊයේ (07 වැනිදා) පැවැත්වුණු මුළු දැයම එක රොදට සමුළුවේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.

සිංහල නායකයකු සමග සිංහල පාර්ලිමේන්තුවක් පිහිටුවීමේ නායකත්වය මේ රටේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප‍්‍රමුඛ සංඝරත්නය පෙරමුණ ගත යුතු යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

තවදුරටත් අදහස් දක්වමින් ඥානසාර හිමියෝ මෙසේ කීහ.

‘‘ දෙදහස් පන්සිය අවුරුද්දක් මේ රටේ සිංහල සංස්කෘතියක් පැවතුණා. සිංහලයන්ට තිබෙන්නේ මේ රට පමණයි. දහහතර ලක්ෂයක් සුළු ජාතිකයන්ගේ ඡන්ද දෙස බලාගෙන කටයුතු නොකරන ලෙස මේ රටේ නායකයන්ට අපි කියනවා. වත්මන් අගමැතිකියන්නේ ප්‍රශ්නයක් ආවම මල්වත්තෙ හාමුදුරුවන්ගෙන් අහන්න ඕන කියලා.නමුත් අපි කියනවා මල්වත්ත විතරක් නොවෙයි අස්ගිරි පාර්ශවයත් ඉන්නවා. ඒනිසා රටේ ප්‍රශ්න විසදන්න පාර්ශව කිහිපයක මහානායක හාමුදුරුවරු ඉන්නවා. විදෙස් බලවේග මෙහෙයවන රනිල් වික්‍රමසිංහට මල්වතු මහානායක හාමුදුරුවන් කොටු කරන්න අයිතියක් නෑ. ඒකට අපි ඉඩ තියන්නේ නෑ‘‘

‘‘ අන්තවාදීන්ට කිසිවෙක් ඉඩදිය යුතු නැහැ. මුස්ලිම් අන්තවාදය වහබ්වාදය සම්පූර්ණයෙන් විනාශ කළ යුතුයි. අපි ඔවුන්ට කියනවා ඔලුවට උඩින් පියඹුවාට කමක් නෑ ඔලුව උඩ කූඩු හදන්න දෙන්න බෑ කියලා.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More