දේශීය පුවත්

ගැඹුරු භූමි නිරික්ෂණය ඇතුළු විශේෂ කාර්යයන් සදහා යොදාගන්නා ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා තිබීම සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලනාත්මක කතාබහක් ඇතිව තිබේ. බැස්ලර් බීටී 67 දරණ මෙම ගුවන් යානය මීටර් 1000ක් තරම් ගැඹූරු භූ අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමේ හැකියාවෙන් සමන්විත වන අතර මෙම ගුවන් යානය හෙට (09) දක්වා මෙරට නවතා තබන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

ඉන්දුනිසීයාවේ සිට මෙරටට පැමිණි මෙම ගුවන් යානය හෙට දිනයේදී ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව ඇති අතර ඉන්දුනීසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා වූ ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ගය ශ්‍රී ලංකා භූමිය හරහා වැටී තිබීම සහ ගැඹූරු භූ අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමේ විශේෂ හැකියාවෙන් සමන්විත මෙම විශේෂ ගුවන්යානය රට හරහා ගමන්කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානයට ලක්කළ යුතුව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කනක හේරත් ද චෝදනා කළේ මෙවැනි ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ නවතා තබන්නේ මෙරට ඛණිජ සම්පත් විදෙස් රටවලට විකිණීමේ සූදානමකින් දැයි සැක පළ වන බවය.

කෙසේවෙතත් ඇතැම් වාර්තාවල දැක්වුණේ ඉන්දුනීසියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ දක්වා වූ ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ගය ශ‍්‍රී ලංකා භූමිය හරහා වැටී තිබීම හේතුවෙන් මෙම යානයේ ගමන පිළිබඳ සැක මතු වන බවය. ඊට හේතුව ලෙස දක්වා තිබුණේ පොළව ගැඹුරේ ඇති ද්‍රව්‍ය නිරීක්ෂණය කිරීමේ විශේෂ හැකියාවක් මෙම ගුවන් යානය සතු වීමය. එහෙත්, ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ යානයේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයන් යටතේ සිදුවූවක් බවත්, වෙනත් කටයුත්තක් සිදු නොවන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More