කිළිනොච්චිය පිරමන්තල්ආරු මහා විද්‍යාලයේ ඉකුත් හතර වැනිදා (බ‍්‍රහස්පතින්දා) පැවති උත්සවයකට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශී‍්‍රධරන් මහතා පාසල් දරුවන් අමතමින් අද ආරක්‍ෂාව සපයන මුවාවෙන් යුද හමුදාව උතුරේ පාසල් වෙත පැමිණ සිටින්නේ පාසල් වෙත බෝම්බ ගෙන ඒමේ සැලසුමකට අනුව බව සඳහන් කර තිබේ.
පිරමන්තල්ආරු පාසලේ අලූතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකදී මන්තී‍්‍රවරයා ජාතීන් අතර බේද ඇතිවන අයුරින් මෙම වෛරී ප‍්‍රකාශය සිදු කර ඇත.
ඉකුත් යුද සමයේ යුද හමුදාව අපගේ සහෝදරයන්, දෙමාපියන් සහ ඡුාතීන් ඝාතනය කළ අයුරු ඔබ නොදන්නේ යැයි මෙහිදී පාසල් දරුවන්ට පවසා ඇති මන්තී‍්‍රවරයා නිවසට ගිය පසු දෙමාපියන්ගෙන් විමසා ඒ ඉතිහාසය හදාරණ ලෙසද පාසල් දරුවන්ට දැනුම් දී ඇත.
බෝම්බ පිපිරීම් සිදුවූයේ කොළඹ වුවද අද උතුරේ පාසල් වෙත හමුදාව යොදවා පරීක්‍ෂා කිරීම් හා ප‍්‍රශ්න කිරීම් සිදු කරන බවද පවසා ඇති මන්තී‍්‍රවරයා කොළඹ ප‍්‍රදේශයේ පාසල්වලට මෙවැනි ආරක්‍ෂාවක් යොදා නොමැති බව සඳහන් කර ඇත.
අපේ ජාතිය ඝාතනය කළ සිංහල හමුදාව ඔවුන් හොඳ මිනිසුන් යැයි මතු පරපුරට පෙන්වීම සඳහා මෙසේ කටයුතු කරන බවත්, එය පාසල් දරුවන් හොඳින් තේරුම් ගත යුතුව ඇති බවත් ශී‍්‍රධරන් මන්තී‍්‍රවරයා මෙහිදී පාසල් දරුවන්ට වැඩිදුරටත් පවසා තිබේ.
උතුරේ පාසල්වලට කිසිසේත්ම යුද හමුදා ආරක්‍ෂාවක් අවශ්‍ය නොවන අතර මේ සිදුවෙමින් තිබෙන්නේ යුද හමුදාව යොදවා දෙමළ ජනතාව යටපත් කරගෙන පාලනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයක් බවද මන්තී‍්‍රවරයා එහිදී අවධාරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...