දේශීය පුවත්

වත්මන් රජය යටතේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට රජය කටයුතු කරද්දී ඇතැම් සංවිධාන ඊට එරෙහි වී උසාවි යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පවසයි.

එම ව්‍යාපාරයන්ට විරුද්ධව මහ මඟට බැස උද්ඝෝෂණ පවත්වා හෝ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ අද (07) දින අම්පාර, දයා ඇපරල් ශාලාවේ පැවැති ඉඩම් හිමිකම් ඔප්පු දස ලක්‍ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමිනි.

‘‘මේ වැඩසටහනට මේ වනවිට ඇතැම් සංවිධාන විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. අහිංසක සාමාන්‍ය ජනතාව වන ඔබට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදෙන්නට එපා යැයි ඔවුන් පවසනවා.

නමුත් අපේ රජය ඔබ වෙනුවෙන් ලබාදෙන සින්නක්කර අයිතිය නතර කිරීමට කිසිවෙකුටත් ඉඩදෙන්නේ නැහැ.

ඒ වෙනුවෙන් මහ මඟට බැස උද්ඝෝෂණ පවත්වා හෝ ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය ජයග්‍රහණය කරවීමට අපි කටයුතු කරනවා.”

රනිල්වික්‍රමසිංහ මහතාගේ මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් හටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සදහන්කර සිටියේ මෙවන් අදහසකි.

‘‘ වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන්නේ බැංකු කැඩුව හොරුන්, නිගණ්ඨයන්, පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉඩම් හිමිකම් පනත මගින් මෙරට ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවක් මහපාරට ඇද දමන්න අගමැතිවරයා විසින් කටයුතුකළා.

බලහත්තුකාරය යොදා ගනිමින් කරන මේ වැඩ නිසා මීළඟ මොන මැතිවරනය ආවත් ජනතාව අගමැති රනිල් වික්‍රමසිංහට මහපාරේ සෙරෙප්පුවෙන් තලමින් එළවා දමන තැනට පත්කරනවා.‘‘

යනුවෙන් විජයදාස රාජපක්ෂ මහතා සදහන් කළේය.

අගමැතිගේ උසාවි කතාවට විජේදාසගෙන් සැර පිළිතුරක්…

අගමැතිගේ උසාවි කතාවට විජේදාසගෙන් සැර පිළිතුරක්… #lka #News1st #NDB

Gepostet von Newsfirst.lk am Sonntag, 7. Juli 2019

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More