දේශීය පුවත්

Facebook සමාජ ජාල වෙබ් අඩවිය මේ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රාණ ඇපකාරයෙක් බවට පත් වී තිබෙන බව නීතීඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතීඥ ආර් මනෝජ් ගමගේ මහතා පවසයි.

“විශේෂයෙන්ම ආණ්ඩුවට අවශ්‍ය ආකාරයෙන් විරුද්ධවාදී අදහස් දරණ ගිණුම් හා ප්‍රවෘත්ති පිටු Facebook සමාජ ජාලය තුලින් අතුගා දැමීමේ ව්‍යාපාරය මේ වන විට කළාකරුවන් දක්වා ද ව්‍යාප්ත කර තිබීම කණගාටුදායක කරුණක් බවට පත් වී ඇත.

මිලියනයකට අධික පරිශීලකයන් පිරිසක් සිටි නව පරපුරේ ගායක ඉරාජ් වීරරත්න මහතාගේ Facebook  පිටුවද ඊයේ දවසේ අක්‍රිය වීම පසුගිය කාලය පුරා ආණ්ඩුවට විරුද්ධ මත දැරීම හේතුවෙන් ඔහුට අත් විදින්නට සිදු වූ අභාග්‍යසම්පන්න ප්‍රතිඵලයක් ලෙස අපි දකිමු.

විශේෂයෙන්ම පසුගිය මාසය තුල මේ ආකාරයෙන් ආණ්ඩුව හා ජනාධිපතිවරයා විවේචනය කල Facebook ගිණුම් සිය ගණනක් මේ ආකාරයෙන් අක්‍රිය වී තිබෙන බව අප සංගමයේ නිරීක්ෂණයට ලක් වී ඇත.

පැහැදිලිවම ආණ්ඩුව විසින් මීලග ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය සදහා පූර්ව සූදානමක් ලෙස Facebook සමාජ මාධ්‍ය ජාලයේ විරුද්ධ මතයන් මර්ධනය කිරීම මගින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා බරපතල අවධානම් සහගත තත්වයක් මෙමගින් උදාකර ඇත.

මේ තත්ත්වය මත Facebook සමාජ මාධ්‍ය රටේ අභ්‍යන්තරික දේශපාලන සමතුලිත භාවය බිද දැමීම සදහා රාජ්‍ය අතකොළුවක් බවට පත්වීම මගින් එම ආයතනයද පසුගිය ජනාධිපතිවරණයේදී ඇමරිකා එක්සත් ජනපදයේ සිදු වූවාක් මෙන් ආණ්ඩු හිතවාදී අපේක්ෂකයෙකුගේ දේශපාලන අවියක් බවට පත්වීමේ අවධානම තවමත් මෙරටේ විපක්ෂයද අවබෝධ කර නොගැනීම කණගාටුවට කරුණකි.

ආණ්ඩුව ලබාදෙන සාවද්‍ය තොරතුරු මත ආණ්ඩුවට අවශ්‍ය විදියට ප්‍රාණ ඇපකරුවෙකු ලෙස Facebook ආයතනය ක්‍රියා කිරීම වහාම නතර කිරීම සදහා මැදිහත්වීමට විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සමස්ත විපක්ෂයේම වගකීමක් බවද පෙන්වා දෙනු කැමැත්තෙමි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකා පුරවැසියන්ට ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකමක් වන භාෂණයේ ප්‍රකාශනයේ හා අදහස් පල කිරීමේ නිදහස උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කිරීමට විදේශීය ආයතනයක් වුවද Facebook ආයතනයට ශ්‍රී ලංකා භූමිය තුල කිසිදු නීත්‍යානූකූල හිමිකමක් නොමැති බවද අපි වැඩිදුරටත් අවධාරණය කර සිටිමු.” යනුවෙන් ඒ මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More