දේශීය පුවත්

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ පාබල රෙජිමේන්තුවේ අධිපති ධුරයට සහ බටහිර ආරක්ෂක ආඥාපති ධුරයට මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතා පත් කර ඇත.

මේජර් ජනරාල් මුදලිගේ මහතා අම්පාර මල්වත්ත 24 සේනාංකාධිපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළේය.

ජූලි 06 දින සිට බලපැවැත්වෙන පරිදි පාබල රෙජිමේන්තුවේ අධිපති ධුරයට පත්ව සිටින මේජර් ජනරාල් මුදලිගේ මහතා රිවිරැුස, ඉදිරිපිම්ම ඇතුළු උතුරේ සිදු කළ සියලූ මෙහෙයුම් සඳහා සහභාගි වී ඇති අතර යුද ජයග‍්‍රහණය ලැබූ මානුෂීය මෙහෙයුම සඳහා ද සහභාගි විය.

ඔහු මහනුවර, දිගන ඇතුළු ප‍්‍රදේශවල කලබල ඇති වූ සමයේ නැගෙනහිර මුස්ලිම් පිරිස් විසින් හර්තාල් ව්‍යාපාර ආරම්භ කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී සියලූ පාර්ශ්වයන් එකතු කර ඒවා සමනය කිරීමටත් අවශ්‍ය වුවහොත් හමුදාවට කටයුතු කිරීමට සිදුවන බව පවසා නැගෙනහිර ආරක්ෂාව තහවුරු කිරීමටත් කටයුතු කළේය.

එසේම පසුගියදා සයින්දුමරින්දුහිදී සහරාන්ගේ නිවසේ බෝම්බ පුපුරවා ගත් අවස්ථාවේදී සේනා මෙහෙයවමින් කිසිවකුට අනතුරක් සිදු නොවන ලෙස එම කටයුතු සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදු කළේ ද මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතාය.

මහින්ද මුදලිගේ මහතා ගාල්ල මහින්ද විදුහලේ ආදි සිසුවෙකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More