විදේශ පුවත්

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහයෝගය දක්වමින් කතාවක් කිරීමේ චෝදනාවට තමිල්නාඩු එම්.ඩී.එම්.කේ. පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් වයිකෝ නමැත්තා වරදකරු බවට තීරණය කළ චෙන්නායි විශේෂ අධිකරණය ඔහුට බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කළේය.

කැරලි ගැසීමට පෙළඹවීමේ චෝදනාවට වරදකරු කරමින් ඔහුට නියම කළ සිරදඬුවමට අමතරව චෙන්නායි විශේෂ අධිකරණය ඉන්දියානු රුපියල් 10,000/-ක දඩයකටද ඔහු යටත් කළේය.

මීට වසර 09කට ඉහත එනම් 2009 වසරේ පොතක් දොරට වැඩීමේ උත්සවයකදී ඉන්දියානු රජයට නිග‍්‍රහ කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහයෝගය දක්වා දේශණයක් කරමින් සිදුකළ මෙම ක‍්‍රියාවෙන්  ඉන්දියානු අපරාධ විධි විධාන සංග‍්‍රහය  යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් වයිකෝ නමැත්තා විසින් කොට ඇති බව තීරණය කළ එම අධිකරණය ඔහු අදාළ චෝදනාවට වරදකරු බවද තීන්දු කළේය.

විශේෂ අධිකරණයේ තීන්දුවට එරෙහිව වයිකෝ විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම අභියාචනය පිළිගත් චෙන්නායි විශේෂ අධිකරණය මෙම තීන්දුවට හා දඬුවමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කිරීම සඳහා ඔහුට මසක කාලයක් ලබා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More