මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන තුළින් ශ්‍රී ලංකාව, ඇමරිකාව ප්‍රමුඛ ලොව බලවතුන්ගේ දාස රාජ්‍යක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි මොහාන් සමරනායක මහතා පවසයි.
කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන දීර්ඝ ක්‍රියාදාමයක නූතන අවස්ථාවක් බවත් සම්ස්ථ ක්‍රියාදාමයේ ප්‍රතිඵලය බවට පත් වන්නේ ශ්‍රී ලංකාව අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ලෝක බලවතුන්ගේ දාස රාජ්‍යයක් බවට පත්වීම බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.
2015 ජනාධිපතිවරණයෙන් පසු රටේ පාලකයා බවට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අග්‍රාමාත්‍යවරයා බවත් ඔහු බටහිර රටවල ආර්ථික දෘෂ්ඨිය බැතියෙන් වැළඳගත් අයෙක් බවත් සමරනායක මහතා වැඩි දුරටත් පැවසීය.
රසේම ඉරාක ආක්‍රමණය සාධරණය කළ තුන් වන ලෝකයේ එකම නායකයා මෙරට අගමැතිවරයා බවත් ඒ මහතා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...