දේශීය පුවත්

අලුතින් ඉදි කරන ලද මොරගහකන්ද ජලාශයෙන් කවුඩුල්ල හා කන්තලේ ගොවි ව්‍යාපාරවලට නියමිත වේලාවට ජලය මුදා නොහැරීම හේතුවෙන් පීදීමට ආසන්න කුඹුරු අක්කර පනස් දහසක් පමණ විනාශ වීමේ අවදානමට පත්ව තිබේ.

මහවැලි බලධාරීන්ගේ නිසි කළමනාකරණයක් නොමැතිවීම නිසා කවුඩුල්ල ව්‍යාපාරය යටතේ ඇති කුඹුරු අක්කර විසි දෙදහසක් හා ඒ යටතේ වගා කටයුතුද කළ කුඹුරු අක්කර තුන් දහසකට වැඩි ප්‍රමාණයක්ද කන්තලේ වැව යටතේ ඇති කුඹුරු අක්කර දෙදහස් දෙසිය පනහක් ඒ යටතේ ඇති කුඹුරු අක්කර තුන්දහසක් මෙසේ විනාශ වී යාමේ තත්ත්වයට මුහුණ පා ඇත.

මේ වන විට කවුඩුළුවැවේ වතුර මුර දෙකකට ජලය ඇති අතර තවත් අක්කර අඩි පහළොස් දහසක් පමණ අවශ්‍ය වේ.

කන්තලේ වැව යටතේ ඇති කුඹුරුවලට තවත් වතුර මුර තුනක් අවශ්‍ය අතර වැවේ ඇත්තේ එක් මුරයක් පමණි.

මේ වනවිට මොරගහකන්දෙන් දිනකට අක්කර අඩි දෙදහසක් මුදා හැරියද ඇළහැර ගොවි ව්‍යාපාරයට ඉන් අක්කර අඩි පන්සීයක් යන අතර මින්නේරි වැවට ඒ අනුව ගලා එන්නේ අක්කර අඩි එක්දහස් පන්සීයකි. දැනට මින්නේරිය වැවේ ජලය අක්කර අඩි හාරදහසක් ඇති අතර ඉන් කවුඩුල්ලට ජලය ලබාදීමට මින්නේරි වැවට ජල අක්කර අඩි හැටදහසක් කන්තලේ වැවට ජලය නිකුත් කිරීමට අක්කර අඩි හැටපන්දහකුත් වශයෙන් වැව ජලයෙන් පිරිය යුතුය. ඒ අනුව එම ජල මට්ටමට මින්නේරිය වැව පිරීමට මේ මාසය අවසන් වන තුරුත් නොහැකි වන නිසා කවුඩුල්ලට හා කන්තලේ ව්‍යාපාරවලට ජලය නොමැතිවීමෙන් දැඩි තර්ජනයකට මුහුණ පෑමට සිදුවන බව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

චමින්ද සේනාරත්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More