දේශීය පුවත්

කොයි මොහොතක හෝ මරණ දඬුවම ක්‍රියාත්මක වීමේ සූදානමක් පවතින බවටත්, වැලිකඩ බන්ධනාගාරය ඊට සූදානම් වන බවටත් පෙනෙන්නට ඇතැයි බන්ධනාගාර නිලධාරීහු පවසති.

මරණ දඬුවමට භාජනය වන තැනැත්තන් සිව්දෙනාට අවශ්‍ය සිරඇඳුම් ආයිත්තම් මෙන්ම කඹය ඇතුළු උපකරණ වැලිකඩ සහකාර බන්ධනාගාර අධිකාරිවරයකුගේ භාරයේ කාර්යාල කාමරයක සුරක්ෂිතව තැන්පත් කර ඇතැයිද දැනගන්නට තිබේ.

මේ අතර අලුතින් බඳවාගත් අලුගෝසුවන් දෙදෙනා කවුරුන්ද යන්න කිසිවෙකුටත් නොදැනෙන පරිදි රහසිගත ස්ථානයක රඳවා සිටින අතර සෙසු නිලධාරීන්ගෙන් වෙන්කොට ඇති මෙම දෙදෙනාගේ අනන්‍යතාව හෙළි නොකිරීමට වගබලාගෙන ඇතැයිද පැවසේ. රහස් කුටියක රඳවා සිටින අලුගෝසුවන් දෙදෙනාට බන්ධනාගාරයෙන් පිටවීමද තහනම් කර තිබේ.

මේ වනවිට අලුගෝසුවන් දෙදෙනාට වැලිකඩ විශෝධන පුහුණු අංශයේ විශේෂ කාමරයක් වෙන්කොට ඇතැයිද ඔවුන් දෙදෙනා දිවා කාලයේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ පසුවන බවද වාර්තාවේ.
එල්ලුම්ගහට නියම වන පුද්ගලයන් සිව්දෙනාගේ විස්තර කිසිවක් දැනගන්නට නැතත් ඒ පිළිබඳ නෛතික තත්ත්වය සහ බන්ධනාගාර නිත්‍ය නියෝග පිළිබඳව නිලධාරින් විමර්ශනයක නියැලෙන බවද කියති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More