දේශීය පුවත්

තීරණාත්මක දේශපාලන ප්‍රශ්න ගණනාවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුමක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සඳහා වන සුබ දිනයක් පවා පසුගිය සතියේ මෙරට ප්‍රධාන පෙළේ දෛවඥයන් ගණනාවකගෙන් ජනාධිපතිවරයා විමසා තිබිණි.

දේශයට වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට සැරසෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී ජනමත විචාරණයක් මගින් සම්මත කරගත යුතු යැයි අධිකරණය නියම කළ සමහර වගන්ති සාමාන්‍ය 2/3 බහුතරයකින් සම්මත කර ඇති නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තවදුරටත් වලංගුද යන්නයි.

යම් හෙයකින් 19 වැනි සංශෝධනය මේ හේතුව නිසා බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළහොත් නැවතත් 18 වැනි සංශෝධනය ක්‍රියාත්මක වන අතර ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 6ක් දක්වා දිගුවෙයි. ඒ සමඟ මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තරග කිරීමට තිබූ බාධකයද අවසන් වෙයි.

මේ හැර පළාත් සභා ඡන්දය ආණ්ඩුව විවිධ තාක්ෂණික හේතු නිර්මාණය කොට ප්‍රමාද කර ඇති නිසාත්, මැතිවරණ කොමසාරිස්වරයා ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති නිසාත් පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට හෝ පැවැත්වීමට නීතිමය අවකාශයක් තිබේද යන්තත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසනු ඇතැයිද සඳහන් වේ.

මෙම මත විමසීම් ගැන දින 14ක් තුළ තමන්ට තීරණය ලබා දෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටීමටත් අපේක්ෂිත බව වැඩිදුරටත් කියැවේ. මෙම මත විමසුමේ තීන්දුව ලද පසු කිසියම් හදිසි මැතිවරණයක් කරා යොමුවීමේ වාසි අවාසි ගැනද ජනාධිපතිවරයා සිය සමීපතම උපදේශකයන් සමග සාකච්ඡා කර ඇත. එම මත විමසුම් දෙකට අදාළ ලිපි ලේඛන ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

Ddeshaya –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More