දේශීය පුවත්

ආණ්ඩුවේ පැවැත්ම  පිළිබඳ මෙම 11 වනදා පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද මත තීරණය වීමට නියමිතය.

ආණ්ඩුවට එරෙහිව ජවිපෙ  විසින් ගෙන එන විශ්වාස භංග යෝජනා මෙම 10 සහ11 විවාදයට ගන්නා අතර ඒ පිළිබඳව ඡන්ද විමසීම 11 වනදා සවස සිදු කෙරේ.

මෙම විශ්වාසභංගයට පක්ෂව ඒකාබද්ධව විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී නිප 16 කණ්කඩායම ද ඡන්දය ලබාදෙන බව මේ විට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පනස් තුන් දෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ 16 කණ්ඩායමේ තිස් පස් දෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමග එක් වූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී වියලේන්ද්‍රන් මහතා, ජවිපෙ මන්ත්‍රීවරු හය දෙනා සමග විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට නියමිතය. ඒ අනුව මේ වන විට ආණ්ඩුවට එරෙහි ඇති ඡන්ද ප්‍රමාණය අනූ පහකි.

විපක්ෂයේ සිටින ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන් එකොළොස්දෙනා, තොණ්ඩමන් මහතා සහ ලංකා කම්කරු කොං ග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනා, ඊපීඩීපී ඩග්ලස් දේවානන්ද මහතා, එක්සත් ජාතික පක්ෂයේ අතුරලියේ රතන හිමි, ආචාර්ය විජයදාස රාජපක්ෂ, දුනේෂ් ගන්කන්ද, එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ආණ්ඩුවට එක් වූ මනුෂ නානායක්කාර, ඒ.එච්ග.එම්ම පවුසි, ලක්ෂ්මන් සෙනෙවිරත්න,පියසේන ගමගේ යන මහත්වරුන් විශ්වාසභංගය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මෙතෙක් හෙළික කර නැත.

ඉහත් මන්ත්‍රීවරුන් 26 දෙනා හැරුණු විට විශ්වාසභංග යෝජනාවට පක්ෂ ඡන්ද සංඛ්‍යාව එකසිය තුනක් වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More