තමුන් හමුදාපතිව සිටි කාලයේ මෙරට ආරක්ෂක වැඩපිළිවෙළ නිසියාකාරයෙන් ක්‍රියාත්මක වූ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
එවකට හිටපු ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්‍ෂ මහතා යුද්ධය ඉදිරියට කරගෙන යාමට තමන් ඇතුළු හමුදාවට අවසර දුන් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ලෙස එහි පරිපාලන කටයුතු නිවැරදිව කළ බවත් තමන් හමුදාපතිවරයා ලෙස තමාට පැවරුනු වගකීම නිසි ලෙස කල බවත් සෙසු හමුදාපතිවරුන් මෙන්ම පොලිස්පතිවරයාද නිවැරදිව තම වගකීම ඉටු කළ බවත් ඔහු පැවසීය.
එම රජය යටතේ ආරක්‍ෂක මණ්ඩලය සතිපතා රැුස්වූ නමුත් වත්මන් රජය යටතේ එය අවුරුද්දකට වතාවක්වත් රැුස් නොවන තත්වයක් ඇතිව තිබෙන බවද ඔහු පැවසීය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වගකීම පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා මත පටවා පැටවීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවද කී ඔහු එහි වගකීම සම්පූර්ණයෙන්ම ඇත්තේ ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිවරයා අත බවද කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් පත් කර ඇති තේරීම් කමිටුව හමුවට ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඉදිරියේ දී කැදවන බවත් ජනාධිපති මෙන්ම අගමැති ද කැදවීමට අදහස් කරන බවත් කී ඔහු මෙම කමිටුව විසින් කිසිවකු තාම වරදකරු කර නැති බවද සඳහන් කළේය.
උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...