දේශීය පුවත්

පලාලි ගුවන් තොටුපොළේ සිට ඉන්දියාව ඇතුළු ආසියා කලාපයේ රටවලට ලබන සැප්තැම්බර් මාසයේ සිට  ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අගෝස්තු මාසයේ පළමුවැනි සතියේදී ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් කලාපීය වශයෙන් සිවිල් ගුවන් සේවා ආරම්භ කිරීම මෙම සංවර්ධන ව්‍යාපෘතියේ මූලික අරමුණයි.

ඉන්දියාවේ මුම්බායි, හයිද්‍රාබාද්, කොචින්, බැංග්ලෝර් ගමනාන්ත දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

යාපනය පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2250 ක් වන අතර රජයෙන් රුපියල් මිලිනය 1950 ක් දල ඉන්දීය ආධාර වශයෙන් රුපියල් මිලියන 300 ක් ද මේ සඳහා යොදවනු ඇති.

ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මකයි.

එහි පළමු අදියර යටතේ දැනටමත් ගුවන්යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ඇතිරීමට නියමිතයි.

ව්‍යාපෘතියේ තෙවන අදියරේදී ප්‍රධාන ධාවන පථයේ මුළු දුර වූ කිලෝමීටර් 2.3 ක් දක්වා සම්පූර්ණයෙන්ම ඇතිරීම සිදු කිරීමට නියමිත අතර එම අදියර සම්පූර්ණ කිරීමෙන් පසු ඒ – 320 හා ඒ- 321 වැනි ගුවන්යානා හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More