දේශීය පුවත්

මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයේ පිහිටුවා ඇති කොවිලේ දේව පූජාවක් සඳහා උතුරු පළාතේ දෙමළ දේශපාලන නායකයින් වන මාවෙයි සේණාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සහ හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුලු දෙමළ දේශපාලඥයෝ රැසක් අද (06) සහභාගි වූහ. ඔව්හු එහිදී පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කොට තිබු මෙම ප්‍රදේශයේ ලිප් 150 ක් පමණ බැද ගිනි දල්වමින් පූජාවක් පැවැත්වූහ.

දන්තධාතූන් වහන්සේ මෙරටට වැඩම කිරීමේදී වඩාහිඳුවන ලද ප්‍රථම විහාරස්ථානය මෙය වේ. මෙම ප්‍රදේශවල ඉපැරණි බෞද්ධ නටබුන් රැසක් අදට ද දක්නට ලැබේ.

පුරා විද්‍යා භූමියේ එවන් කටයුත්තක් කළද මෙම අවස්ථාව සදහා මුලතිව් පොලීසියේ විශේෂ පොලිස් ආරක්ෂාවක් විහාරස්ථානයට ලබා දී තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු හෙළ ජන බලය පදනමේ කැඳවුම්කරු නුවන් බැල්ලන්තුඩාව මහතා පවසා සිටියේ මෙවන් අදහසකි.

“මෙම ස්ථානයේ භාරකාර ස්වාමීන් වහන්සේගේ අනුමැතියකින් තොරව තමයි මේ ස්ථානයේ මේ වාගේ කටයුතු සිද්ධ වෙන්නේ. මේ පුරාවිද්‍යා ස්ථානයේ වලවල් හාරලා ගිනි පත්තු කරලා සිද්ධ කරන මේ කටයුතු වලින් හඳුනා නොගත් පුරාවස්තු වලට හානි සිද්ධවෙන්න පුලුවන්. අනෙක් කාරණය තමයි පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් වරයා පොල්ලකින් ගහලා වත් නැගිට්ටවන්න බැරි බොරු නින්දක තමයි ඉන්නේ“

“අපි දන්නවා ටජ් මහලේ ජංගම දුරකථනයකින් ඡායාරූපයක් වත් ගන්න දෙන්නේ නෑ. එහි අලෝකයෙන් එයට හානි සිද්ධ වෙන්න පුලුවන් කියලා. නමුත් මේ ස්ථානයේ අද සිද්ධ වෙන කටයුතු පිළිබඳ ඇත්තේ දුකක්. ඒ වාගේම මුලතිව් පොලිසිය ඉතාමත් නිවට විදියට මේ ස්ථානයේ සාමය කඩ වන බව දැන දැන මේ දේවල් වලට ඉඩ හැරලා තිබෙනවා. මේක මේ අන්තවාදීන්ගේ ආක්‍රමණයක් කියලා කියන්න පුලුවන්.“ යැයි දනුවන් බැල්ලන්තුඩාව මහතා පැවසීය.

මෙම අවස්ථාවට පැමිණි දෙමළ දේශපාලන නායකයෝ සිංහල මාධ්‍යවේදීන්ට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More