දේශීය පුවත්

ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමැති සන්ධානයකින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු එකඟත්වයකට පැමිණ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

ඊයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සිදුකල ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව අද පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මේ බව අවධාරණය කළේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා සාර්ථකව සිදුකෙරෙන නමුත් සන්ධානයකින් තරඟ කිරීමක් සම්බන්ධයෙන් තවමත් කිසිදු නිෂ්චිත අවසන් තීරණයකට පැමිණ නොමැති බව ඒ මහතා සඳහන් කළේය.

වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂය විසින් නම්කොට ඇති පසුබිමක එම කොන්දේසිය යටතේ සන්ධානයකට එකඟවීමට පොදුජන පෙරමුණ සූදානම් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More