ඇමෙරිකාව සමඟ සෝෆා ගිවිසුම අත්සන් කිරීම මගින් මිලියන 2.9 ක් වන අමෙරිකානු හමුදාවට ඕනෑම අවස්‌ථාවක දී ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි තත්ත්වයක් උදාවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්‌ස මහතා පැවසීය.
වත්මන් රජය අමෙරිකාව සමඟ අත්සන් කිරීමට සැරසෙන සෝෆා, ඇක්‌සා සහ මිලේනියම් කෝපර්ෂන් යන ගිවිසුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විපක්‌ෂ නායකවරයා සමඟ ඊයේ (05 දා) පැවති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කළේය.
විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක් අතර මෙම හමුව ඊයේ පස්‌වරුවේ කොළඹ විඡේරාම මාවතේ පිහිටි විපක්‌ෂ නායක නිල නිවසේදී පැවැත්විණි.
සෝµd සම්මුතියකට එළඹුණහොත් ත්‍රස්‌තවාදීන්ට මෙරට තුළ නිදහසේ හැසිරීමට ඉඩ කඩ සැලසෙන බවද මෙම සාකච්ඡාවේදී කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා පෙන්වා දුන්නේය.
එසේම අමෙරිකානු හමුදාව කුමන වරදක් කළද මෙරට නීතිය ඔවුනට ක්‍රියාත්මක නොවනු ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් ආරක්‌ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පවසා සිටියේ මෙවැනි ගිවිසුමකට අත්සන් කිරීමට මෙරට රජයේ කිසිදු සූදානමක් නොමැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...