ජනාධිපති අපේක්ෂකයන් ගැන කතාබහක කළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස අවවාද කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රභලයෙකු පසුගියදා අරලියගහ මන්දිරයට කැඳවා තිබෙන අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරයාට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් විමසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයා තෝරා පත් කර ගැනීමට නිසි ක්‍රමවේදයක් තිබෙන බවත් ඒ අනුව ක්‍රියා නොකරන්නේ ඇයි දැයි? යනුවෙනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එහි සංධාන වගේ දෙතුන් දෙනෙකු එකතු වී ජනාධිපති අපේක්ෂකයා තෝරන ආකාරයට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තෝරන්නේ නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ අධිකාරි මලණ්ඩලය විසින් ජනාධිපති අපේක්ෂකයන් තෝරන ක්‍රමයක් තිබෙන බවත් එය නිසි වේලාවට සිදු වන බවත් අග්‍රාමාත්‍යවරයා සදහන්කර තිබේ.
මේ අතර මීට පෙර අග්‍රාමාත්‍යවරයාගෙන් දැඩි අවවාදයට ලක් වූ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු ඔහව මගහරිමින් සිටින බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...