දේශීය පුවත්

පසුගිය පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරයෙන් මරාගෙන මැරුනු ‘සහරාන් හසීම්’ යනු ත‍්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා නොවන බවත් ඔහු පොඩි කෙනෙක් පමණක් බවත් නැගෙනහිර ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය නායක විෂ්ණු කාන්තන් මහතා පවසයි.

‘වහාබ් අන්තවාදය මව්බිමෙන් පන්නා දමමු!’ යන තේමාව යටතේ ඊයේ (4) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කළ ජන රැලියට එක්වෙමින් විෂ්ණු කාන්තන් මහතා මේ බව කියා සිටියේය.

පසුගිය අප්‍රේල් 21න් ප්‍රහාරයෙන් පසු සිංහල ජනතාව මුස්ලිම් අන්තවාදීන් ගැන දැනගත්තද තමන් ඇතුළු නැගෙනහිර ජනතාව දැනගෙන සිටි බවත්, ත‍්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා ඉන්නා බව සියලු දෙනා දන්නා නමුත් ඔවුන් එය කීමට බය බවත් ඔහු සඳහන් කළේය.

මේ රට මුස්ලිම් රටක් වියයුතු බව සහරාන් පමණක් නොව මව්ලවිලත් ඒ බවට මතපලකරමින් සිටින බවට ඔහු අවධාරණය කර සිටියේය.

"සහරාන් නායකතුමා නෙවෙයි – ඒ පොඩි එක්කෙනා" – විෂ්ණු කාන්තන්

"සහරාන් නායකතුමා නෙවෙයි, ඒ පොඩි එක්කෙනා – නායකයා ඉන්නවා කියලා දන්නවා ඒත් මිනිස්සුන්ට කියන්න බයයි" – විෂ්ණු කාන්තන්https://youtu.be/gzmUAinmfPo

Gepostet von ඒෂියන් මිරර් – Asian Mirror am Donnerstag, 4. Juli 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More