දේශීය පුවත්

විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට අද නියෝග කර තිබේ.
ඒ, ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩකඩ සැලසීමෙන් ගිනි අවි ආඥා පනත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බවට සාක්ෂි අනාවරණය වී ඇති බවට කරුණු සඳහන් කරමිනි.

ඔවුන් දෙදෙනාට අමතරව විශ්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන ලියබලනගේ, ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම් හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සමන් දිසානායක, විශ්‍රාමික ගුවන් හමුදාපති පී. බී ප්‍රේමචන්ද්‍ර, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න හා රක්නා ලංකා සමාගමේ සභාපති පර්සි වික්ටර් සමරවීර යන මහත්ම මහත්මින් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත.

නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ, ගිනි අවි ආඥා පනත යටතට ගැනෙන චෝදනාවලට අමතරව සමන් දිසානායක, පී. බී ප්‍රේමචන්ද්‍ර, නිශ්ශංක සේනාධිපති යන සැකකරුවන්ට එරෙහිව අසත්‍ය සාක්ෂි ගෙතීම සහ ඊට ආධාර අනුබලදීම යටතේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන චෝදනා ගොනු කළ හැකි බවටයි.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී තමාව අත්අඩංගුවට ගැනීමට වලක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පාලිත ප්‍රනාන්දු, කරුණාරත්න එගොඩවෙල, නිශ්ශංක සේනාධිපති, නන්දන දියබලනගේ, සමන් දිසානායක යන සැකකරුවන් පස්දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව ද නීතිපතිවරයා එමගින් වැඩ බලන පොලිස්පතිවරයාට පෙන්වා දී තිබුණි.

ඊයේ ඒ සම්බන්ධයෙන් තීන්දුව නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් 5 නිශ්ප්‍රභ කර ඇති බවත් එම නියෝගය නිකුත් කිරීමට ආසන්නව තිබියදී නිශ්ශංක සේනාධිපති සහ නන්දන දියබලනගේ යන සැකකරුවන් දෙදෙනා රහසිගතව විදේශගත වී ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති බවත් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇතැයි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළා ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More