මුලතිව් කේපාපිලහි කැලෑබද ප්‍රදේශයක විශාල පිපිරීමක් සිදුව ඇති බවටත් අදාල පිපිරීම පීඩන බෝම්බයක් පුපුරා යාමක් බවට සැක පල කරන අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදු නොවී ඇති බවටද මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.
කේපාපිලව්හි පිහිටි කැලෑබද ප්‍රදේශයක ඊයේ රාත්‍රියේ ගින්නක් හට ගෙන ඇති අතර අදාල ගින්න ඇති වූ ප්‍රදේශයේ කිසිවෙකුත් පදිංචියක් නොමැති භූමියක් හෙයින් එහි කැලෑවේ වලදමා තිබූ පීඩන බෝම්බයක් ගින්න හේතුවෙන් පුපුරා ගොස් ඇති බවටත් ඉන් කිසිවෙකුත් කලබල නොවිය යුතු බවටද මුල්ලියාවලෙයි පොලීසිය සැකපල කරයි.
යුද සමයේදී කොටි සංවිධානය විසින් ආරක්ෂක අංශ යුද ටැංකි විනාශකිරීම සඳහා වල දමන ලද මෙම පීඩන බෝම්බ පදිංචි නොවූ ප්‍රදේශවල තවමත් ඇති හෙයින් අනාරක්ෂිත ප්‍රදේශයන්හි ගැවසීමෙන් ප්‍රවෙශම් වන ලෙසටද ප්‍රදේශවාසී ජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටියි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...