රක්‍ෂිත බන්ධනාගාරගතව සිිටින, අනිවාර්ය නිවාඩු යැවුණු පොලිස්පති පූජිත් ජයසුන්දර වැඩතහනමට ලක් කිරීමේ හැකියාවක් මේ වනවිට පවතී.
අදාළ පත්වීම ලබාදුන් පත්වීම් බලධාරියා වන ජනාධිපතිවරයාට ඔහුගේ වැඩතහනම් කිරීමේ හැකියාව පවතින බවත් වාර්තා වේ. තවද අනිවාර්ය නිවාඩු යැවුණු පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක්ද සිදුකිරීමේ හැකියාවක් ද පොලිස් දෙපාර්තමේන්තුව සතුව පවතී. එමෙන්ම ඔහු අදාළ නඩුවෙන් නිදහස් වුවහොත් පොලිස්පති ධුරය, යළිත් පූජිත් ජයසුන්දරට ලබාදිය යුතු බවද වාර්තා වේ.
මෙවැනි තත්ත්වයක් තුළ පොලිස්පති ධුරය සදහා වෙනත් අයෙකු පත් කිරීමටද හැකියාවක් ද නොමැති බව වාර්තාවේ. පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යැවුණු පොලිස්පති පූජිත් ජයසුන්දර ඉකුත්දා අත්අඩංගුවට ගැණුනේ දණ්ඩ නීති සංග‍්‍රහයේ මනුෂ්‍ය ඝාතන සිදු කිරීමේ හා ඒ සදහා ආධාර අනුබලදීම යන චෝදනා යටතේයි.
ඔහු මේ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...