දේශීය පුවත්

ගාල්ල අක්මීමන මානවිල උපනන්ද ජාතික පාසලේ ප‍්‍රාථමික අංශයට ඇතුළුවීමට උත්සාහ කළ එම පාසලේ අධ්‍යාපනය ලබන දරු දෙදෙනකුගේ පියකු පාසලේ ආරක්‍ෂාවට සිටි හමුදා සෙබළකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ (04 වැනිදා) පෙරවරුවේ මියගොස් ඇත.

අසනීප වී සිටි තම දරුවා බැලීමට පාසල වෙත පැමිණි මෙම පියා එහි ආරක්‍ෂාවට සිටි හමුදා සෙබළාගේ විරෝධය නොතකා පාසලට ඇතුළු වීමට උත්සාහ කරද්දී මෙසේ වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙහිදී ඝාතනයට ලක්වූ පියා නාවික හමුදාවෙන් විශ‍්‍රාම ගිය සෙබළෙකි.

ඊයේ පෙරවරුවේ මෙම පියා තම දරුවා රැගෙන යෑමට පාසලට පැමිණි අවස්ථාවේ හමුදා සෙබළා ඔහුට ඇතුළු වීමට ඉඩ දී නැත. පසුව මෙම පියා පෙරවරු 11.30 ට පමණ නැවත වරක් පාසලට පැමිණ ඇත්තේ තම දරුවාට අසනීප බවට පාසලෙන් කළ දැනුම් දීමකට අනුවය.

ඒ අවස්ථාවේදී ද මෙම හමුදා සෙබළා පියාට පාසලට ඇතුළු වීමට අවසර ලබාදී නැත. එහිදී හමුදා සෙබළා සහ මෙම පියා අතර බහින්බස් වීමක් ඇතිවී තිබිණි. හමුදා සෙබළාගේ විරෝධය නොතකා පියා පාසලට ඇතුළු වී දරුවා සිටි පංති කාමරය දෙසට ගොස් තිබේ.

ඒ අවස්ථාවේ යුද හමුදා සෙබළා පියාගේ පපු ප‍්‍රදේශයට වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇත.

වෙඩි ප‍්‍රහාරවලින් බරපතළ තුවාල ලැබූ පියා ති‍්‍රරෝද රථයකින් රැගෙන ගොස් පසුව ගිලන් රථයකින් ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන යද්දී මියගොස් ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අක්මීමන පොලිසිය පියාට වෙඩි තබා ඝාතනය කළ හමුදා සෙබළා සහ ඔහු සතු ගිනි අවියද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ අක්මීමන මානවිල පදිංචි සිටි 31 හැවිරිදි කළුතන්ති‍්‍රගේ ප‍්‍රදීප් උදයකුමාර නමැති දෙදරු පියෙකි. ඔහු නාවික හමුදා තූර්යවාදක කණ්ඩායමේ සේවය කර ඉන් ඉවත් වූ අයකු බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ඝාතනයට ලක්වූ ප‍්‍රදීප් උදයකුමාරගේ දරුවන් දෙදෙනා මානවිල ප‍්‍රාථමික විදුහලේ එක සහ දෙක ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන බව පොලිසිය පවසයි. මෙම සිද්ධියෙන් පසු අක්මීමන මානවිල ප‍්‍රාථමිකයේ කුඩා දරුවෝ දැඩි භීතියට පත්ව සිටියහ.

සිද්ධියෙන් පසු කෝපයට පත්වූ දෙමවුපියන් වෙඩි තැබීම සිදුකළ හමුදා සෙබළාට විරෝධය දැක්වීම නිසා පාසලේ උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ මහතාගේ උපදෙස් මත අක්මීමන පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More