විදෙස්ගත වීමට තැත් කළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට සම්බන්ධ ත්‍රස්ත සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, නාවික හමුදා බුද්ධි අංශය ලබා දුන් තොරතුරකට අනුව ය.
අත්අඩංගුවට ගත් සැකකරු ජපානය බලා පිටත් වීමට ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, මොහු මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු ලෙස මොහොමඩ් සහරාන් ඉදිරියේ දිවුරුම් දුන් අයෙකු බවට අනාවරණය වී ඇති බව ය.
මොහොමඩ් අන්සාර් මොහොමඩ් රිනාස් නමැති මෙම සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු අවි පුහුණුව ලබා ඇති අයෙකු බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
දින 90ක් රඳවා තබා ගෙන ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කිරීමට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...